hacker කෙනෙක් වෙන්න ආසාවෙන්ද ඉන්නේ ? කතා කරමූ (Operating System) ගැන.
2022-11-17 by Mr_who_am_i
අද අපි කතා කරන්නේ Hacking OS (Operating System) ගැන.ඔයා නිකමට හිතුවද, OS එක නැත්නම් අපි කොහොමද Lap එකේ, PC එකේ වැඩ කර ගන්නේ කියලා. එතකොට ඇත්තටම OS එකක් නැතුව අපට Lap එකේ, PC එකේ වැඩ කරන්න බැරිද?. එහෙනම්, අපි මුලින්ම බලමු මොනවද මේ OS කියන්නේ ? ඇයි අපි OS Use කරන්නේ කියලා ?
O/S (Operating System) එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධති, කියලා කියන්නේ Hardware සහ Software Combine කරන කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඒ කියන්නේ මේ වගේ දෙයක්.
ඔයා ඔයාගේ Lap එකේ Pc එකේ Hardware Details සේරම ගැන දන්නේ නෑ නේද? Hardware කියන්නේ ගොඩක් Complex දෙයක්. ඒවා අපට කොහොමත් මතක තියා ගන්න බෑ.එතකොට අපි Lap වලට, Pc වලට Install කරන Software / Applications හදන්නේ එක එක Company වලින්. ඒත් ඒවා අපේ Lap එකේ Pc එකේ Run කරන්න පුලුවන්. එතකොට කොහොමද එහෙම උනේ ?
ඒකෙදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි අපේ Lap වලට Pc වලට OS එක Install කරනවනේ. එතකොට OS එක Applications / Software සහ Hardware අතරේ අතර මැදියෙක් විදියට වැඩ කරනවා. Application දන්නේ නෑ Hardware ගැන. Hardware දන්නේ නෑ Application ගැන. ඉතිං OS එක මේ දෙන්නව Connect කරනවා. ඒක නිසා තමයි එක එක Companies වලින් හදන Software / Application එහෙම අපේ Lap වල Pc වල එහෙම ලේසියෙන් Install කරලා වැඩ කර ගන්න පුලුවන් වෙන්නේ. හැබැයි OS එක මේ දෙන්නව මෙහෙම Connect කරාට, අපි වැඩිය කතා කරන්නේ නැති තව දෙන්නෙක් මේ වැඩේට Help කරන්වා. ඒ තමයි API (Application Programming Interface) සහ ISA (Instruction Set Architecture) කියන්නේ. API ඉන්නේ Application සහ OS එක අතරේ. ISA ඉන්නේ Hardware සහ OS එක අතරේ. API ට පුලුවන් File System වල Details ලේසියෙන් අදුර ගන්න. ISA ට පුලුවන් Hardware වල Details ලේසියෙන් අදුර ගන්න. ඉතිං මේ දෙන්නම මේ විදියට එයාලා Detect කර ගන්න දේවල් OS එකට Inform කරනවා. ඒකේ Result එකක් විදියට OS එක අපට වැඩ කරන්න පහසු Interface එකක්, එහෙම නැත්නම් Abstract Layer එකක් හදලා දෙනවා. ඊට අමතරව OS එක කරන තවත් වැඩක් තියෙනවා ඒ තමයි Resources Management කියන්නේ. ඒකෙදී වෙන්නේ අපි Lap එකේ හරි Pc එකේ හරි එක එක Task කරනකොට ඒවට අදාලව Disk Space, Memory, Network, Bandwidth වගේ බෙදලා දෙන එක. ඉතිං මේ විදියට තමයි, අපේ වැඩ කර ගන්න, Abstract Layer එකක් දීලා, Resources Management කරලා තමයි OS එක අපේ වැඩ ලේසි කර ගන්න Help කරන්නේ. දැන් බලමු Hacking OS ගැන. Hacking OS ගැන කතා කරනකොට අපට පොඩ්ඩක් Windows සහ Mac OS ගැන අමතක කරන්න වෙනවා. මොකද දන්නවද ඒ? Windows, Mac කියන OS වල Hacking Tools වැඩිය Run කරන්න බෑ. ඒ නිසා අපි, ගොඩක් අය Hacking OS කියන, Linux Family එකේ OS ගැන බලමු. ගොඩක් අය Hacking OS කිව්වට හැබැයි මේවා ඇත්තටම Hacking වලටම හදපු OS නෙවෙයි. මේවා හදලා තියෙන්නේ Penetration Testing වලට. ඉතිං මෙහෙම Penetration Testing වලට හදපු OS වල Hacking Tools Run කරන්න පුලුවන් නිසා, ගොඩක් අය ඒවට Hacking OS කියලා කියනවා. දැන් අපි කවුරුත් දන්න Kali Linux ගැන බලමු.